Atlas වෙතින් හඳුන්වා දෙන Quiz Master මොබයිල් App අධ්‍යාපන කඩඉම් ජයගැනීමට සිසු පරපුරට මාහැඟි සවියක් වෙයි

Atlas වෙතින් හඳුන්වා දෙන Quiz Master මොබයිල් App අධ්‍යාපන කඩඉම් ජයගැනීමට සිසු පරපුරට මාහැඟි සවියක් වෙයි

වසර 65 කට වැඩි කාලයක් තිසේසේ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් ලෙසින් නමක් දිනා ඇති Altas, මෙරට දරු දැරියන්ගේ සුවිශේෂී අධ්‍යාපන කඩඉම් ජයගැනීම සඳහා සුවිශාල අත්වැලක් සපයමින්, Atlas World අධ්‍යාපනික වැඩසටහන යටතේ Quiz Master යෙදවුම හඳුන්වා දෙනු ලැබීය. මෙය ලොව දිනන ප්හේ හපනුන්ට තම අධ්‍යාපනික ඉලක්ක හඹායාමේදී අන්කවරදාටත් වඩා, සතුටින් ඉගෙන ගනිමින් විභාග සඳහා පෙරහුරුවක් ලබාගැනීමට අවකාශ සලසන ජංගම යෙදුමකි.

Quiz Master මොබයිල් App එක පසුගිය අගෝස්තු 15 වැනිදා මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ, පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන් ශිෂ්‍යත්ව හපනුන් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව ය. ශ්‍රී ලංකාවේ දරුදැරියන් සඳහා විෂ්‍ය නිර්දේශය ආවරණය කරන සමානය පාඩම් ඇතුළත් මොබයිල් App පැවතියත්, ඔවුන් 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා ක්‍රමානුකූලව සිසුන් සූදානම් කරන Apps ඉතා විරලය. එවැනි තත්ත්වයක Atlas World අධ්‍යාපනික වැඩසටහන යටතේ මෙලෙසින් හඳුන්වා දුන්, Quiz Master මොබයිල් App,
මෙරට දරුවන් සඳහා සාර්ථක විභාග පෙරහුරුවක් වන්නේ, එමඟින් AI තාක්ෂ්‍ණය භාවිත කරමින් එක් එක් සිසුන්ගේ ඉගෙනුම් රටාවන් හැඳින ගනිමින්, දරුවන් ශිෂ්‍යත්ව විභාගය සඳහා ක්‍රමානුකූලව සූදානම් කිරීම සිදු කරන බැවිනි. එ්මන්ම, ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මෙම App එකට හැකියාව පවතින අතර, ශිෂ්‍යත්ව පෙරහුරුව වඩාත් සිත් ඇඳබැඳ ගන්නා ආකාරයෙන් සිදුකිරිමට, දරුවන් සඳහා ගැළපෙනම ක්‍රමවේදයන්ද භාවිත කෙරේ. සිසුන්ට අධ්‍යාපනික හා විභාග අන්තර්ගතයන් ශ්‍රව්‍ය-දෘෂ්‍ය හා චලන මාධ්‍යයන්ගෙන් පිරිනමමින් අධ්‍යාපනික කඩඉම් කරා සිසු දරුදැරියන් ක්‍රමානුකූලව රැගෙන යාම මින් සිදුකැරෙන අතර, එම අන්තර්ගතයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සිසුන් වෙත ලබාදේ. මෙම App එකෙන්, දෙමව්පියන්ට තම දරුවාගේ විභාගය සඳහා දක්වන සූදානම හා තම දරුදැරියන්ගේ ප්‍රතිඵල දැකගත හැකිවීමද, විශේෂත්වයකි.

Atlas World අධ්‍යාපනික වැඩසටහන මඟින් දරුවන් සඳහා සාර්ථක අධ්‍යාපනික විසඳුම් පිරිනැමීම අරමුණු කරගනිමින් මෙම අධ්‍යාපනික මොබයිල් App එක හඳුන්වා දෙන්නේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ මණ්ඩලයක් මගින් සහතික කිරීමෙන් අනතුරුව බැවින්, මෙය 5 ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව ජය ගැනීමට සිසුන්ට සුවිශාල මාර්ගෝපදේශයක් වනු ඇත. එමෙන්ම, මෙම Self Learning App එක මඟින් එක් එක් සිසුන් අධ්‍යාපනය හදාරන ආකාරය හා සිසුන්ගේ කැමැත්ත මත පදනම්ව ඔවුන් සඳහාම ගැළපෙන ප්‍රශ්න රටාවක් ඔස්සේ සිසුන් කඩඉම් විභාග ප්‍රශ්න සඳහා පුහුණු කෙරේ. ඒ මඟින් සෑම සිසුවකුටම තමන්ගේ කැමැත්තට සරිලන විභාග පෙරහුරු අත්දැකිමක් හිමි වන නිසාම, විභාගය දක්වාම ඔවුන්ට එකම ආකාරයේ උනන්දුවකින් ඊට පුහුණු විය හැකි වේ.

Atlas World අධ්‍යාපනික වැඩසටහන යටදේ අලුදෙන්ම හඳුන්වා දුන් Quiz Master මොබයිල් App එක දැනටමත් Google Play Store හරහා ඩවුන්දලෝඩ් කර ගැනීමේ හැකියාව පවතී. මේ ඔස්සේ, Atlas World තම සමාජීය මෙහෙවර දියත් කරමින් සතුටින් ඉගෙන ගැනීමටත්, විභාග සඳහා පුහුණු වීමටත් හැකියාව සලසයි. මෙම මොබයිල් App එකෙන් ඕනෑම තැනක සිට දරුවන්ට සිය අධ්‍යාපනික කඩඉම් ජයගැනීමට හැකියාව සැල්සේ. ඒ අනුව, සියලු සිසුන් සඳහා අධ්‍යාපනයේ සම අවසේථා උදා කිරීමේ Altas හි උදාරතර කැපවීමට අනුව, ගුණාත්මක අධ්‍යාපනය සැමට ළඟාකර දීමට මේ ඔස්සේ ප්‍රයත්න දරන අතරම, දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට අවස්ථාව සලසමින් විභාග පීඩනයෙන් ඔවුන් මුදා ගැනීමටද කටයුතු කරයි.

App : https://play.google.com/store/apps/details?id=com.atlas.quizmaster&hl=en-US

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )