
ඒකල කර්මාන්ත පුරයේ විදුලිබල පද්ධතියේ ගුණාත්මක බව වැඩි කිරිමට පියවර
ඒකල හා ඒ අවට ප්‍රදේශයේ ඉහළ විදුලි ඉල්ලුම සලකා දැනට පවතින විදුලිබල පද්ධතියේ ගුණාත්මක බව වැඩි කිරිමට ඒකල කර්මාන්ත පුරය තුළ ග්‍රිඩ් උපපොලක් ඉදිකිරිමට යෝජනා වී ඇත.
ඒ යටතේ ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු අක්කර 10 ක ඉඩමෙන් අක්කර දෙකක ඉඩම් කොටසක් ඒ සඳහා යොදා ගැනිමට රජය බලාපොරොත්තු වෙයි.
එම ඉඩම් කොටස රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 320 ක මුදලකට ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට ඉදිරිපත් වූ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
CATEGORIES දේශීය පුවත්
