
විශ්‍රාමිකයන්ට රුපියල් 3000 සේ අන්තර්කාලීන දීමනාව ගෙවීම තවදුරටත්
තම විශ්‍රාම වැටුප තැපැල් හා උප තැපැල් කාර්යාලවලින් ලබා ගන්නා විශ්‍රාමිකයන්ට රුපියල් 3000 සේ අන්තර්කාලීන දීමනාව එම කාර්යාලවලින් අද සිට ලබා ගත හැකි බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියයි.
එම දීමනාව විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම පසුගිය බදාදා සිදු විය.
විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000 සේ අන්තර්කාලීන දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව මහා භාණ්ඩාගාරය දැනටමත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.
විශ්‍රාමිකයන් 6 ලක්ෂ 79 දහස් 960 දෙනෙකු වෙනුවෙන් මේ මාසයේදී එම දීමනාව ගෙවීමට භාණ්ඩාගාරය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 200 කි.
CATEGORIES දේශීය පුවත්
