
පල්ලෙකැලේ ආයුර්වේද රෝහලටත් ශල්‍ය වෛද්‍ය ඒකකයක්
ශ්‍රී ලංකාවේ තුන්වන ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ඒකකය කුණ්ඩසාලේ පල්ලෙකැලේ පිහිටි ආයුර්වේද රෝහල් සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.
මීට පෙර බොරැල්ල හා ගාල්ල ආයුර්වේද රෝහල්වල පමණක් එම ශල්‍යකර්ම සිදුකෙරිණි.
කුණ්ඩසාලේ පල්ලෙකැලේ ආයුර්වේද රෝහල ස්ථාපිත කර මේ වනවිට වසර 40 කි.
එහි ප්‍රතිකාර ලැබීමට දිවයිනේ නන්දෙසින් දිනපතා රෝගීන් 350 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන බව එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආර්. ජයවර්ධන මහතා කියයි.
CATEGORIES දේශීය පුවත්
TAGS Lalith U Gamage
