අනාගතය හැඩගන්වන වැඩ, අන්තර්ගත ඉගෙනීම් සහ භාවිතය

අනාගතය හැඩගන්වන වැඩ, අන්තර්ගත ඉගෙනීම් සහ භාවිතය

කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය විසින් මෙහෙයවන ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමේ සම්මන්ත්‍රණය හෙට (23) පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ දී පැවැත්වේ.

හය (6) වන වරට පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ මෙවර තේමාව “අනාගතය හැඩගන්වන වැඩ, අන්තර්ගත ඉගෙනීම් සහ භාවිතය” යන්නයි.

මේ සඳහා දෙස් විදෙස් ආචාර්ය මහාචාර්යවරුන් සහභාගීවන අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ උපාධි අපේක්ෂකයින්ගේ මෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂකයින්ගේ පර්යේෂණ පත්‍රිකා ඇතුලත් වේ.

ව්‍යාපාර සහ කළමනාකරණය, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව, ආපදා කළමනාකරණය හා විද්‍යාව සහ තාක්ෂණය, භාෂාව සහ සාහිත්‍යය යන උප මාතෘකා යටතේ කළ පර්යේෂණ මෙහිදී ඉදිරිපත් කෙරේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )