ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

ශ්‍රී ලංකාවේ තරඟකාරී විලාසිතා ක්ෂේත්‍රය තුළ සිය සලකුණ තවදුරටත් තහවුරු කරමින්, ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාවට එක් කෙරුණු නව විලාසිතා අංගනය පසුගිය පෙබරවාරි 18 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී.  මෙම අවස්ථාව, සිය පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික පරාසය පුළුල් කිරීම වෙනුවෙන්  ෆැෂන් බග් සන්නාමය දක්වන අඛණ්ඩ කැපවීම මනාව පෙන්නුම් කරනු ලබයි.

1998 වසරේදී ෆැෂන් බග් (Fashion Bug) ආයතනයේ තෙවන ශාඛාව සහ කොළඹ නගරයට පිවිසි ප්‍රථම පියවර ලෙස ආරම්භ කරන ලද කොල්ලුපිටිය ශාඛාව, දිගු කලක් පුරාවට සිය ප්‍රධානතම  අලෙවි සැල ලෙස ක්‍රියාත්මක වී තිබේ. දශක තුනකට අධික කාලයක් පසුකරමින් තව තවත් වැඩි දියුණු වූ මෙම ශාඛාව , මේ වන විට නවීන විලාසිතා සහ නවෝත්පාදනයන් සමගින් ඉහළ පෙළේ වෙළඳ සලකුණක් ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබේ.

මෙම නව විලාසිතා අංගනය ඔස්සේ වර්ග අඩි 6,000කට වඩා වැඩි අතිරේක වෙළඳ අවකාශයක් කොල්ලුපිටිය ෆැෂන් බග් ශාඛාවට එක් කර ඇති අතර, එය පාරිභෝගික පහසුව සහ ඔවුන් වෙළඳසැල තුළ ගත කරන කාලය වඩාත් අර්ථවත් වන පරිදි ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර ඇත. එමෙන්ම,  පැහැදිලි ලෙස වෙන් කරන ලද විලාසිතා අංශ, නවීන විලාසිතා එකතුවක් සහ පාරිභෝගිකයින්ට පහසුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා මනා ඉඩ කඩක් සහිතව සකසන ලද අවකාශයක්ද නවීකරණය කරන ලද කොටසට ඇතුළත් වේ.

සිය සන්නාමය විසින් තබා ඇති නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆැෂන් බග් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සුබීයන් මහතා පැවසුවේ, “ඓතිහාසික වශයෙන් වඩාත් වැදගත් වූ ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව අපේ උරුමය මෙන්ම අනාගත ගමන් මඟ නියෝජනය කරනවා. මේ නව අංගනය විවෘත කිරීම මඟින් වඩාත් විවිධාංගීකරණය වූ නිෂ්පාදන පෙළක් සමඟ උසස් තත්ත්වයේ අලෙවි අත්දැකීමක් ලබා දීමට අපට හැකි වෙනවා වගේම, ශ්‍රී ලංකාවේ මෙම වෙළඳ ක්ෂේත්‍රයේ ශක්තිමත්භාවය පිළිබඳ අප තුළ ඇති විශ්වාසය ද මේ ඔස්සේ යළිත් තහවුරු වෙනවා” යනුවෙනි.

එමෙන්ම, මෙම වැඩි දියුණු කිරීම පිටුපස ඇති පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය අවධාරණය කරමින් ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (අලෙවි සහ විකුණුම්) ආචාර්ය එස්. එච්. එම්. ෆාරාස් මහතා සඳහන් කර සිටියේ, “අපගේ තීරණ මෙහෙයවනු ලබන්නේ දත්ත මත පදනම් වූ අවබෝධය සහ නිරන්තරයෙන් වෙනස් වන ජීවන රටා ප්‍රවණතා මතයි. වර්තමාන පාරිභෝගිකයන් එකම වහලක් යටදී ඉඩකඩ, සුවපහසුව, ප්‍රවේශය සහ විවිධත්වය අපේක්ෂා කරනවා. මෙම නව පියවර හරහා එම අපේක්ෂාවන් කාර්යක්ෂමව ඉටු කිරීමටත්, අපගේ ප්‍රධානතම වෙළඳසැල සමඟ පාරිභෝගික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපට අවස්ථාව ලැබෙනවා.” යනුවෙනි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )