
AAT ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී අවසන් මට්ටම සමත් සිසුන් 2179 කට ඩිප්ලෝමා ප්‍රදානය කරයි
ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ අධ්‍යාපනයේ සහ වෘත්තීය කුසලතා සංවර්ධනයේ පුරෝගාමී ආයතනය වන AAT ශ්‍රී ලංකා, 2026 ජනවාරි මස පැවති අවසන් මට්ටමේ විභාගය සාර්‍ථක ලෙස සමත් වූ සිසුන් 2,179 දෙනෙකු වෙනුවෙන් ඩිප්ලොමා ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH)දී අති උත්ර්කෂවත් අයුරින් පැවැත්වීය.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කළ සම්මානලාභීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් උත්සවය සැසි තුනකින් සංවිධානය කළ අතර, දවස පුරා 4,000කට ආසන්න පිරිසක් ඊට සහභාගී වූහ. පෙරවරු සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Fintrex Finance හි ප්‍රධාන විධායක නිලධාරී ජයතිලක බණ්ඩාර මහතාද, එම සැසියේ විශේෂ ආරාධිතයකු ලෙස CA Sri Lanka ආයතනයේ සභාපති ටිෂාන් සුබසිංහ මහතාද , පස්වරු සැසියේ Colombo Re Insurance Brokers (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරිනී රෝෂිනි සිල්වා මහත්මියද, සන්ධ්‍යා සැසියේ Capital Maharaja Group හි මූල්‍ය අධ්‍යක්ෂ ලලිත් ප්‍රනාන්දු මහතාද එක්වූහ. විශේෂ ආරාධිත අමුත්තන් ලෙස CA Sri Lanka හි සමන් ශ්‍රී ලාල් මහතා සහ තිවන්ක ජයසිංහ මහතාද සහභාගී වූහ.
AAT ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ආචාර්‍ය්‍ය චාමර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය අධ්‍යයන ජයග්‍රහණ ඇගයීමට පමණක් සීමා නොවී, වෘත්තීය ජීවිතයට පිවිසෙන සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව, MAAT සාමාජිකත්වය, රැකියා අවස්ථා සහ AAT Business School හරහා ඉහළ අධ්‍යාපනික මාර්‍ග පිළිබඳ දැනුවත් කිරීමක්ද සිදු කළේය.
AAT අවසන් මට්ටම සාර්‍ථකව නිම කළ මෙම සිසුන් NVQ 5 මට්ටමට සමාන ගිණුම්කරණ හා ව්‍යාපාර ඩිප්ලෝමාව හිමිකර ගනිමින් ගිණුම්කරණ, මූල්‍ය හා ව්‍යාපාර ක්ෂේත්‍රවල වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සුදුසුකම් ලබා ඇත.
දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකේය තරුණ පරපුරට වෘත්තීය අධ්‍යාපනයේ ශක්තිමත් පදනමක් සපයමින් සිටින AAT ශ්‍රී ලංකා ආයතනය ර්කමාන්තයට ගැළපෙන දැනුම, ප්‍රායෝගික කුසලතා සහ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් ලබාදෙමින් ගිණුම්කරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ අනාගත වෘත්තීයවේදීන් බිහිකිරීමේ සිය මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින් සිටී.
