
AMW – Renault පාරිභෝගික විශ්වාසය සහ නවීන තාක්ෂණය පෙරදැරිව නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
ප්රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය වන Renault, Associated Motorways (AMW) සමඟ එක්ව ශ්රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් යළි පිවිසෙයි. මෙම නැවත ආගමනය සනිටුහන් කරමින් Kwid, Triber සහ Kiger යන මාදිලි තුන හඳුන්වා දෙන අතර, ආකර්ෂණීය නිර්මාණකරණය, නවීන තාක්ෂණය සහ විශ්වාසදායක පාරිභෝගික සේවාව කෙරෙහි නව අවධානයක් යොමු කර ඇත.
කොළඹ Monarch Imperial හෝටලයේ පැවති අභිමානවත් එළිදැක්වීමේ උත්සවයට ශ්රී ලංකාවේ ප්රංශ තානාපති අතිගරු Rémi Lambert, Al-Futtaim Automotive හි Antoine Barthez, AMW සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ජවහාර් ගනේෂ්, AMW අලෙවි අධ්යක්ෂ ප්රසන්න ද සිල්වා, Renault නිෂ්පාදන සැලසුම් අධ්යක්ෂ මැතියු බැරන් (Matthieu Baron) ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
උත්සවය අමතමින් AMW සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ජවහාර් ගනේෂ් මහතා සඳහන් කළේ, Renault සතු සුවිශේෂී නිර්මාණකරණය, නවීන තාක්ෂණය, පුළුල් අලෙවියෙන් පසු සේවා පහසුකම් සහ දිගුකාලීන පාරිභෝගික සත්කාරය සමඟ එක් කරමින් පාරිභෝගිකයන්ට පරිපූර්ණ හිමිකාරීත්ව අත්දැකීමක් ලබා දීමට AMW කැප වී සිටින බවයි.
ශ්රී ලංකාවේ ප්රංශ තානාපති අතිගරු Rémi Lambert මහතා Renault හි නැවත පැමිණීම පිළිගනිමින්, දෙරට අතර වෙළෙඳ හා වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට ප්රංශ ව්යාපාර දක්වන දායකත්වය අගය කළේය. Antoine Barthez මහතා ද මෙම අවස්ථාවට එක්වෙමින් ශ්රී ලංකා වෙළෙඳපොළ තුළ Renault සන්නාමයේ නව ආරම්භයේ වැදගත්කම සනිටුහන් කළේය.
රුපියල් මිලියන 6.69 සිට මිල ගණන් සහිත මාදිලි හතක්
Renault නිෂ්පාදන සැලසුම් අධ්යක්ෂ මැතියු බැරන් මහතා සහ Renault අලෙවි ප්රධානී රාම් ගෝමනිනායගම් මහතා විසින් නව මාදිලි පෙළ හඳුන්වා දෙන ලදී. ඊට ඇතුළත් ප්රභේද හත සහ අදාළ මිල ගණන් (වැට් බද්ද සහිතව) පහත පරිදි වේ:
-
Renault Kwid Evolution MT: රු. 6,690,000
-
Renault Kwid Climber AMT: රු. 6,990,000
-
Renault Kiger Evolution AMT: රු. 8,190,000
-
Renault Kiger Tekno AMT: රු. 8,850,000
-
Renault Kiger Emotion CVT: රු. 10,590,000
-
Renault Triber Evolution MT: රු. 8,190,000
-
Renault Triber Emotion AMT: රු. 9,190,000
ජාත්යන්තර වශයෙන්, Renault Kwid මාදිලිය වෙළෙඳපොළ 15 කට අධික සංඛ්යාවක ඒකක මිලියනයකට වඩා අලෙවි වී ඇති අතර, ඉන් ඒකක 5,000කට වැඩි ප්රමාණයක් ශ්රී ලංකාවේ අලෙවි වී ඇත. පවුලේ අවශ්යතාවලට ගැළපෙන Renault Triber ලොව පුරා ඒකක 200,000කට අධික සංඛ්යාවක් ද, SUV මාදිලියේ Renault Kiger ලොව පුරා ඒකක 100,000 කට අධික සංඛ්යාවක් ද අලෙවි වී තිබේ.
හඳුන්වා දුන් ප්රභේද හතෙන් හයක්ම වහාම ලබාගත හැකි බැවින් පාරිභෝගිකයන්ට තමන් කැමති මාදිලිය කඩිනමින් හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවේ.
විශ්වාසයෙන් පිරුණු Renault හිමිකාරීත්ව අත්දැකීමක්
Renault සන්නාමයේ නැවත පැමිණීමත් සමඟ, වසර 3ක් හෝ කිලෝමීටර් 100,000ක් දක්වා (පළමුව එළඹෙන සීමාවට) වාහනයේ සියලු ප්රධාන කොටස් ආවරණය වන නිෂ්පාදක වගකීමක්, කැපවූ අලෙවියෙන් පසු සේවා සහ හඳුන්වාදීමේ කාලසීමාව තුළ දීර්ඝ කළ වගකීම් ප්රතිලාභ හිමිවේ.
AMW අලෙවි අධ්යක්ෂ ප්රසන්න ද සිල්වා මහතා අදහස් දක්වමින් පැවසුවේ, පාරිභෝගිකයා වාහනය මිලදී ගන්නා අවස්ථාවෙන් ඔබ්බට ගිය පූර්ණ හිමිකාරීත්ව අත්දැකීමක්, වගකීම් ආවරණයක් සහ විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවක් ලබා දීම සිය අරමුණ බවයි.
මෙම උත්සවයේදී Renault වාහනවල පළමු පාරිභෝගික භාරදීම් ද සිදු කෙරිණි:
-
Renault Triber: නිශාන්ත අමරතුංග මහතා සහ පවුලේ සාමාජිකයන්ට, M. ශ්රී නාගේන්ද්රන් මහතා සහ පවුලේ සාමාජිකයන්ට
-
Renault Kiger: තුෂාර ජයවර්ධන මහතා සහ පවුලේ සාමාජිකයන්ට
-
Renault Kwid: ධනංජය මහතා සහ පවුලේ සාමාජිකයන්ට
AMW සමඟ Renault අත්දැකීම විඳින්න
නව Renault මාදිලි පෙළ නැරඹීමට සහ පරීක්ෂණ ධාවන (Test Drives) සඳහා පහත ස්ථාන වෙත පැමිණිය හැකිය:
-
Renault Borella Flagship Showroom: සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා; සෙනසුරාදා පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා.
-
Renault Experience Centre, Majestic City: දිනපතා පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා.
වැඩිදුර තොරතුරු සඳහා www.renault.lk වෙත පිවිසෙන්න, නැතහොත් 0117 609 609 අමතන්න.
1898 වසරේ ප්රංශයේ ආරම්භ කරන ලද Renault සන්නාමය, වසර 125කට අධික මෝටර් රථ නිෂ්පාදන උරුමයක් සමඟ AMW හි දේශීය මෝටර් රථ ක්ෂේත්රයේ පළපුරුද්ද හා එක්වෙමින් ශ්රී ලාංකික පාරිභෝගිකයන්ට නවතම වටිනාකමක් එක් කිරීමට සූදානම්ය.
