
CNCI Achiever සම්මාන උළෙලේදී පුස්සැල්ලට අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික රන් සම්මානය
පුස්සැල්ල මීට් ප්රඩියුසර්ස් ලිමිටඩ් සමාගම, (Pussalla Meat Producers Ltd) ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් සංවිධානය කරන ලද CNCI Achiever සම්මාන 2026 උළෙලේදී අතිවිශාල පරිමාණ නිෂ්පාදන අංශයේ ජාතික රන් සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීමට සමත්ව තිබේ. එමෙන්ම මෙරට අතිවිශාල පරිමාණයේ ප්රමුඛතම සමාගම් දහය අතරට ද එම සමාගම නම් කර ඇත.
“අඛණ්ඩව දෙවැනි වරටත් මෙම සම්මානය දිනා ගැනීම ශ්රී ලංකාවේ කුකුළු මස් කර්මාන්තයේ ප්රමුඛ බලවේගයක් ලෙස පුස්සැල්ල සතු ස්ථානය තවදුරටත් තහවුරු කරන අතර, පවුලේ ව්යාපාරයක් ලෙස ආරම්භ වී මෙරට වඩාත්ම දියුණු කෘෂි ව්යාපාර අතරට එක්වීමේ ගමන්මඟේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි” යනුවෙන් පුස්සැල්ල මීට් ප්රඩියුසර්ස් ලිමිටඩ් සහ පුස්සැල්ල ඇග්රි
වෙන්චර්ස් ලිමිටඩ් සමාගම්වල නිර්මාතෘ හා සභාපති, Philip J. Wewita මහතා පැවසීය.
“මෙම සම්මානය මගින් ගුණාත්මකභාවය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම කෙරෙහි අප දක්වන අවධානය තවදුරටත් තහවුරු වන අතර, අනාගතයේදී ඊටත් වඩා ඉහළ ප්රමිතීන් ළඟා කර ගැනීමට අප දිරිමත් කරයි” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
පුස්සැල්ල සමාගමට අනුව, මෙම ඇගයීම පිටුපස පවතින්නේ උපායමාර්ගික දැක්ම, අඛණ්ඩ ආයෝජන සහ විනයගරුක කළමනාකරණය මත ගොඩනැඟුණු ව්යාපාරික දර්ශනයකි.
පුස්සැල්ල මීට් ප්රඩියුසර්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ Dilshan Janaka Wewita මහතා පැවසුවේ, “CNCI අචීවර් සම්මාන මගින් වාණිජ සාර්ථකත්වය පමණක් නොව, දිගුකාලීන කාර්යසාධනය මෙහෙයවන ආයතනික හැකියාවන්, මානව සම්පත්, පද්ධති සහ කළමනාකරණ ක්රමවේද ද ඇගයීමට ලක් කෙරේ. මෙම ඇගයීම අපගේ කණ්ඩායමේ සාමූහික කැපවීම පිළිබිඹු කරන අතර, ශ්රී ලංකාවේ කුකුළු මස් කර්මාන්තයේ විශිෂ්ටත්වය සඳහා තවදුරටත් ඉහළ ප්රමිතීන් කරා ගමන් කිරීමට අපගේ
අධිෂ්ඨානය ශක්තිමත් කරයි” යනුවෙනි.
CNCI අචීවර් සම්මාන 2026 උළෙලේදී ලැබූ මෙම ඇගයීම සමාගමේ මෙතෙක් ලබා ඇති ප්රගතිය සමරන අතර, අනාගත වර්ධනය සඳහා ඇති කැපවීම යළි තහවුරු කරන බව පුස්සැල්ල මීට් ප්රඩියුසර්ස් සමාගම සඳහන් කළේය.
ඡායාරූපය: පුස්සැල්ල මීට් ප්රඩියුසර්ස් ලිමිටඩ් සහ පුස්සැල්ල ඇග්රි වෙන්චර්ස් ලිමිටඩ් සමාගම්වල නිර්මාතෘ හා සභාපති පිලිප් ජේ. වීවිත මහතා (ඉහළ) සහ පුස්සැල්ල මීට් ප්රඩියුසර්ස් ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ දිල්ෂාන් ජනක වීවිත මහතා (වමේ), කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන
නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා අතින් CNCI Achiever සම්මානය ලබා ගනිමින්.
