උතුරු බෙංගාල බොක්කේ යාත්‍රා නොකරන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත වායුගෝලයේ අඩු පීඩන තත්ත්වය අද වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර ඉතා තද සුළං පවතී. තද වැසි ද පැවතිය හැකි අතර මුහුද ප්‍රදේශ වඩාත් රළුවිය හැකිය.
එබැවින් අද , හෙට සහ අනිද්දා යන දිනවල උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන්නැයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරේ.
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින්නේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතුය.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන්නැයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරේ.
CATEGORIES දේශීය පුවත්
