ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

ඉරානය , ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි. ඊශ්‍රායල හමුදාව පැවසුවේ මිසයිල 180 ක් එම රටට එල්ල වූ බවයි.

ප්‍රහාරයෙන් බටහිර ඉවුරේ පලස්තින ජාතිකයෙක් මරණයට පත්වූ අතර, ටෙල්අව්වි හි පාසලකට හා අවන්හලකට දැඩි හානි සිදුවිය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා පැවසුවේ මිසයිල ප්‍රහාරයක් එල්ල කිරිම මගින් ඉරානය විශාල වරදක් කළ බවයි.

එයට ඔවුන්ට අනිවාර්යයෙන්ම වන්දි ගෙවීමට සිදුවන බව ඊශ්‍රායල අගමැතිවරයා අවධාරණය කරයි.

ඊශ්‍රායල හමුදා මේ වනවිට ලෙබනනය ආක්‍රමණය කර තිබේ.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙක් පැවසුවේ ලෙබනනයේ ගම්මාන 25 ක ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බවයි .

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තම රටේ ලක්ෂ 10 ක් පමණ අවතැන්ව පසුවන බව ලෙබනන අගමැතිවරයා සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )