විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෙට ඇරඹෙයි
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෙට ඇරඹෙයි.
ඩුබායි හා සාජා ක්‍රිඩාංගන වලදී හෙට සිට ලබන 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වේ.
තරගාවලියේ පළමු දිනය වන හෙට පකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන සෙනසුරාදා ඔස්ට්‍රේලියාවට එරෙහිවද, ලබන 12 වැනිදා නවසීලන්තයට එරෙහිව සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි තරග වදිනු ඇත.
ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වෙන්නේ ලබන 09 වැනිදායි. ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර තරගය පමණක් දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර, සෙසු සියලු තරඟ දිවා රාත්‍රි තරග වෙයි.
CATEGORIES ක්‍රීඩා පුවත්