
මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශුරතා තරනඟාවලිය කොළඹ දී ඇරඹෙයි
මධ්‍යම ආසියානු වයස අවුරුදු 20 න් පහළ පිරිමි වොලිබෝල් ශුරතා තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි ලබන ඉරිදා ඇරඹෙයි.
ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ශ්‍රි ලංකාව, නේපාලය, මාලදිවයින, කිරිකිස්ථානය, ටර්ක්මෙනිස්ථානය සහ උස්බෙකිස්ථානය සහභාගි වෙයි.
මෙහි ශුරතාව සහ අනුශුරතාව ලබන කණ්ඩායම් දෙක ලබන වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 20 න් පහල පිරිමි වොලිබෝල් තරගාවලිය සදහා මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේශ ලබනු ඇත.
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය මධ්‍යම ආසියානු වයස අවුරුදු 20 න් පහල වොලිබෝල් තරගාවලිය සංවිධාන කරයි.
CATEGORIES ක්‍රීඩා පුවත්