කෝටි 16කට එහා ඇස්තමේන්තු කල කතරගම – සෙල්ල මාර්ගය 1.70කින් සංවර්ධනය කෙරේ
කතරගම නගරයේ සිට සෙල්ල කතරගම දක්වා ඇති මාර්ගයේ පිළීසකර කටයුතු මේ වනවිට නිම වී තිබේ.
එය බැතිමතුන් නිරතුරුව ගමන් කරන මාර්ගයකි. පසුගිය කාලයේ එය දැඩිලෙස අබලන්ව පැවතිණි.
මාර්ග සංවර්ධන අධිකාරිය මූලිකව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබේ.
රුපියල් 16 කෝටි 50ලක්ෂයක් ඇස්තමේන්තු කර තිබු එම සංවර්ධන ව්‍යාපෘතිය මාර්ග සංවර්ධන අධිකාරිය මූලික වීමෙන් රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයකින් නිම කිරිමට හැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
CATEGORIES දේශීය පුවත්
