ලෙබනනයේ හිස්බුල්ලා කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට යලි පහරදෙයි
ලෙබනනයේ හිස්බුල්ලා කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට යලි ප්‍රහාරයක් එල්ල වෙයි. උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ප්‍රහාරයේ ඉලක්කය විය. වසර 18 කට පසුව එම නගරයට ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙයයි. ඊශ්‍රායලය පැවසුවේ හයිෆා නගරයට රොකට් වෙඩි ප්‍රහාර සියයකට අධීක සංඛ්‍යාවක් එල්ල වූ බවයි. ඉන් කිහිපයක් විනාශ කළ බවද ඊශ්‍රායලය සඳහන් කර තිබේ. තම හමුදා ලෙබනනයේ නිරිතදිග ප්‍ර දේශයේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කර ඇතැයි ඊශ්‍රායලය කියයි. මේ දක්වා ඊශ්‍රායල ආක්‍රමණය ක්‍රියාත්මක වූයේ ලෙබනනයේ නැඟෙනහිර ප්‍රදේශයේයි.
CATEGORIES විදෙස් පුවත්