ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 75 යි
ශ්‍රී ලංකා යුද හමුදාව අද සිය 75 වැනි සංවත්සරය සමරයි.
මෙරට සන්නද්ධ හමුදාවල පැරණිතම හා විශාලතම හමුදාව ලෙස 1949 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා එම හමුදාව ස්ථාපිත කෙරිණි.
පළමු යුද හමුදාපතිවරයා වූයේ බ්‍රිගේඩියර් කොත්නස් සාමි වරයායි.
ඔහු 1952 වසරේ මැයි මස 17 වැනිදා දක්වා එම තනතුරේ සේවය කළේය.
1956 වසරේ හර්තාලය, 1959 වසරේ ජාතිවාදී කෝලාහලය, 1971 වසරේ දකුණේ තරුන නැගිටිම, 1988 – 89 වසරවල සමාජ නැගිටීම් 1983 වසරේ සිට 2009 වසර දක්වා මෙරට පැවැති උතුරු – නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඉල්ලිමේ සටන් මැඩලීමට යුද හමුදාව ඉමහත් සේවයක් ඉටු කර තිබේ.
CATEGORIES දේශීය පුවත්
