2024 දහම් පාසල් අවසාන විභාගය සඳහා 21 වැනිදා දක්වා අයදුම් කළ හැක

2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා ලබන 21 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාල අයදුම්පත් www.doenets.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මීට අමතරව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒවා ලබා ගත හැකිය.

සම්පූර්ණ කළ අයදුම්පත් අදාල දිනට පෙර විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැපැල් පෙට්ටිය 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )