පාර්ලිමේන්තු මැතිවරණය තීරණාත්මකයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වඩාත් තීරණාත්මක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
සමගි ජන සන්ධාන කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, රටේ පාලනය විනිවිදභාවයකින් යුත් පාලනයක් බවට පත් කිරීමට ජනතාව සූදානමින් සිටින බවයි.
ජනාධිපතිවරණය අවසන් වී ඉතා කෙටි කාලයක් ඇතුළත මහ මැතිවරණයකට මුහුණ දීමට සිදුව තිබේ.
එහිදී ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ කාරණා ඉදිරියට ගෙනයාමට සූදානමින් සිටින බව ද අත්තනායක මහතා සඳහන් කළේය.
අපේක්ෂකයින් සමඟ පෞද්ගලිකව ඡන්දදායකයින් මුණගැසී මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එම පක්ෂයේ නාම යෝජනා අද සහ හෙට භාරදීමට සූදානමින් ඇතැයි හෙතෙම සඳහන් කළේය.
CATEGORIES දේශීය පුවත්
