රුසියාවට මුහුණ දීමට නේටෝ සංවිධානයෙන් න්‍යෂ්ටික යුද අභ්‍යාසයක්
රුසියාව සමඟ සමීපව ක්‍රියා නොකරන්නැයි බටහිර රටවල් කරන ඉල්ලීම තැකීමකට ලක් නොකරන බව කිර්ගිස්ථානය සහ සර්බියාව පවසයි. රුසියාව සමඟ නේටෝ රටවල් මෙන්ම යුරෝපා සංගමයේ ඇතැම් රටවල් ද සහයෝගයෙන් ක්‍රියා කරයි. එවැනි අවස්ථාවක පැරණි සෝවියට් සංගමයේ පවතින රටවල් අතර ශක්තිමත් බැඳීම් බිඳහෙලිය නොහැකි බව කිර්ගිස්ථාන ජනාධිපතිවරයා කියා සිටී. රුසියාව ප්‍රමුඛ බ්‍රික්ස් සංවිධානය සමඟ එක්වීමට සර්බියාවට ඇති නොහැකියාව මන්දැයි එරට නියෝජ්‍ය අගමැතිවරයා ප්‍රශ්න කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙන්ම සෞදි අරාබිය , තුර්කිය වැනි බටහිරට නැඹුරු වූ රටවල් ද බ්‍රික්ස් සංවිධානය සමඟ එක්ව සිටී. එබැවින් බ්‍රික්ස් සංවිධානය හා එක්වීම යුරෝපා සංගමයට සැබෑ විකල්පයක් බව සර්බියාව කියා සිටී.
මේ අතර නේටෝ සංවිධානයේ මහලේකම් මාක් රූත් මිතුරු සාමාජික රටවලින් ඉල්ලා සිටියේ රුසියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජන පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙසයි. ලබන සතියේ ඇරඹෙන නේටෝ න්‍යෂ්ටික යුද අභ්‍යාසය රුසියාවෙන් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමේ සුදානමක් බව ඔහු කියා සිටී.