ලබන වසර සඳහා වන අයවැය කෙටි කාලයකට කල් යයි

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් එය කෙටි කාලයකට කල් දැමීමට සිදුවී තිබේ.

ඒ අනුව ලබන වසරේ මුල් මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් ද ඉන් අනතුරුව ජාතික අයවැය ලේඛණයක් ද නව රජය මගින් ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.

ලබන මස 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු බලයට පත් වන රජය අමාත්‍යංශ සහ ඊට අදාල ආයතන ගැසට් කළ යුතු වෙයි.

ඉන් පසු ඒවාට ඉදිරි වසර සඳහා වියදම් සහ සංවර්ධන යෝජනා මෙන්ම ආදායම් ලබා ගැනීම් ඇස්තමේන්තු කළ යුතුව තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )