ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයි
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයි. 1964 ඔක්තෝබර් 06 වැනිදා ඇමෙරිකානු කොන්ග්‍රසය සුදු සැරයටි දිනය පිළිබඳ යෝජනාව සම්මත කළේය. සෑම වසරකම ඔක්තෝබර් 15 වැනිදා ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ලින්ඩන් ජොන්සන් මහතායි. ජාත්‍යන්තර දෘශ්‍යාබාධිත සම්මේලනයේ සභාපතිවරයා සෑම වසරකම ඔක්තෝබර් 15 වැනිදා ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ලෙස 1970 දී ප්‍රකාශයට පත් කළ අතර එම වසරේ සිට ශ්‍රී ලංකාව ද එම දිනය සමරයි. දෘශෂ්‍යාබාධ සහිත ජනතාවගේ සුබසාධනය එම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි.
CATEGORIES දේශීය පුවත්
