උතුරුදිග ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාරයක්
ලෙබනනයේ උතුරුදිග ප්‍රදේශයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වෙයි. ලෙබනන නිලධාරින් පැවසුවේ ප්‍රහාරයෙන් 09 දෙනෙකු මරණයට පත්වු බවයි. එහෙත් , ලෙබනන රතුකුරුස සංවිධානයේ වාර්තාවල මිය ගිය සංඛ්‍යාව 18 ක් ලෙස දැක්වෙයි. ගෙවිගිය වසර තුළ කිතුනු බැතිමතුන් බහුතරයක් වෙසෙන උතුරු ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ලවු පලමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මේ දක්වා කිසිවක් සදහන් කර නැත. මේ අතර , ඊශ්‍රායල හමුදා කඳවුරකට පසුගිය ඉරිදා හිස්බුල්ලා සංවිධානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයෝ සිව්දෙනෙක් මරණයට පත්වුහ. ගෙවිගිය වසර තුළ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකෙයි.
CATEGORIES විදෙස් පුවත්