ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාව නවීකරණය කොට ඵලදායිතාව  ඉහළ නැංවීමට රජය සූදානම්

ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාව නවීකරණය කොට ඵලදායිතාව ඉහළ නැංවීමට රජය සූදානම්

ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාර ඉඩම පැවරීමෙන් ලද මුදල් යොදා ගනිමින් සංස්ථාවේ ඵලදායිතාව  ඉහළ නැංවීමට රජය සූදානම් වෙයි.

මෙම ඉඩම ඉකුත් රජය සමයේ රුපියල් මිලියන 1286 ක මුදලකට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත.

සංස්ථාව ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එම මුදල යොදා ගත යුතු යැයි 2023 පෙබරවාරි  27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි තීරණය කර ඇත.

අදාල මුදලින් රුපියල් මිලියන  525 ක් මේ වනවිටත් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට ලැබී ඇත. ඉන් රුපියල් මිලියන 205 ක් සංස්ථා සේවකයින්ගේ ස්වෙච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා වැය කර ඇත.

ඉතිරි මුදලින් රුපියල් මිලියන  145 කට වැඩි මුදලක් යොදා ගනිමින්  සංස්ථාවේ නවීකරණයට අදාල ක්‍රියාකාරකම් 25 ක් ක්‍රියාත්මක කිරිමට බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය ඇමතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය අනුමත කර තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )