ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අගමැතිනිය හමුවෙයි

ඉන්දියාවේදී පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශුරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ආචාර්ය හරිනි අමරසුරිය අගමැතිනිය හමුවෙයි.

අගමැති කාර්යාලයේදී ඊයේ එම හමුව සිදුවිය.

කණ්ඩායමේ ක්‍රිඩිකාවන් සමග සුහද කථාබහක නිරතවු අගමැතිනිය ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට සුබපැතුවාය.

දුලන්ති වන්නිතිලක ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ නායිකාවයි.

ආසියානු රටවල් 14 ක් පලමුවරට මෙවර ආසියානු නෙට්බෝල් ශුරතා තරගාවලියට එක් වෙයි.

ඉන්දියාවේ බැංගලෝර්හිදී  ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වන තරගාවලිය අවසන් වන්නේ ලබන 27 වැනිදායි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )