ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සම්බන්ධයෙන් අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් පැසසුම්
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහන් යටතේ දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් අඛණ්ඩව සිදු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම තමා දිරිමත් කරන බව එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජීවා මහත්මිය එක්ස් පණිවිඩයක් මගින් තහවුරු කරයි.
එම අරමුදල සමග සාකච්ඡා කිරීමට වොෂිංටන් බලා ගිය ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජෝජීවා මහත්මිය සමඟ සාකච්ඡා කළහ.
එහිදී ඇය තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා අන්තර්ජාතික මුල්‍ය අරමුදල තවදුරටත් කැපවී සිටින බවයි.
ශ්‍රී ලංකා නියෝජිත පිරිස අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට ද සහභාගි වෙයි.
CATEGORIES දේශීය පුවත්