පාස්කු දින ප්‍රහාරයේ පරීක්ෂණ අපක්ෂපාතීව  සිදු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කරයි

පාස්කු දින ප්‍රහාරයේ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කරයි

පාස්කු දින ප්‍රහාරයේ පරීක්ෂණ සඳහා එම අවධියේ සිට බාධා කළේ දේශපාලන අධිකාරිය බව ඇමති විජිත හේරත් මහතා පවසයි.

එහෙත් වත්මන් රජය කිසිදු ලෙසකින් හෝ එම පරීක්ෂණ කටයුතු සඳහා බාධා නොකරන බව ඒ මහතා කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

ඉතා පැහැදිලිවම වගකිව යුතු ජනාධිපතිවරයෙක්  සහ රජයක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ක්‍රියා කෙරේ.

උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ වාර්තා රහසිගත ඒවා නොවේ.  ඔහු කිසිවෙකුගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බව පෙනී යයි.

එදා සිට පරීක්ෂණ කටයුතු සඳහා සිදු වූයේ මෙවැනි තත්ත්වයන්ය.

යලිත් එම පරීක්ෂණ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කරනු ලබන්නේ මෙය නවතාලීම සඳහාය.  ගම්මන්පිල මහතාට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් මෙම ක්‍රියාවලියෙන් ඉවත් කිරීමටය.

එහෙත් රජය කිසි විටෙක ඔවුන් එම තනතුරුවලින් ඉවත් නොකරන බව විජිත හේරත් මහතා අවධාරණය කළේය.  මෙම පරීක්ෂණ කටයුතු මුල සිට අපක්ෂපාතීව මෙම නිලධාරීන් දෙදෙනා ඉටු කර ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )