ඩිවයින් මාකටින් නවෝත්පාදන නිෂ්පාදන දෙකක් වෙළෙඳපොළට හඳුන්වා දෙමින් හත්වැනි සංවත්සරය සමරයි

ඩිවයින් මාකටින් නවෝත්පාදන නිෂ්පාදන දෙකක් වෙළෙඳපොළට හඳුන්වා දෙමින් හත්වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ටිෂූ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් ලෙස පරසිදු  ඩිවයින් මාකටින් ප්‍රයිවට් ) ලිමිටඩ් ආයතනය, සිය හත්වැනි සංවත්සරය අභිමානවත් ලෙස  සමරමින් නවෝත්පාදන නිෂ්පාදන දෙකක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. මෙම අවස්ථාව සමාගමේ ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳ නොසැලෙන කැපවීම තවදුරටත් තහවුරු කළ සන්ධිස්ථානයකි.

දේශිය  පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ ටිෂූ නිෂ්පාදන සැපයීමේ අරමුණින් ආරම්භ වූ ඩිවයින් මාකටින්, අද වන විට ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් නොව, කාර්‍යාල, හෝටල්, ආපනශාලා, රෝහල් සහ විවිධ වාණිජ ආයතන වෙත ද ගුණාත්මක සනීපාරක්ෂක විසඳුම් සපයන ප්‍රමුඛතම සන්නාමයක් ලෙස ස්ථාපිත වී ඇත. පසුගිය වසර හත තුළ සමාගම ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය තුළින් ශක්තිමත් වෙළෙඳ නාමයක් ගොඩනඟා ගැනීමට සමත් වී තිබේ.

සිය සංවත්සරයට සමගාමීව, ආයතනික හා වාණිජ භාවිතය සඳහා විශේෂයෙන් නිර්‍මාණය කරන ලද මල්ටි ෆෝල්ඩ් පේපර් ටවල් ඩිස්පෙන්සර් පද්ධතිය සහ ස්වභාවික රසය, පෝෂණ ගුණය හා නැවුම් බව ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කරන ලද ඩ්‍රයිවෙලා (Drywella) වියළි පලතුරු නිෂ්පාදන පෙළ නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට කැමැත්තක් දක්වන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම මෙන්ම ශ්‍රී ලාංකීය ගුණාත්මකභාවය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමද මෙම නිෂ්පාදන පෙළේ අරමුණ වේ.

මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ගරු ලලින්ද ගමගේ මහතා සහභාගී වූ අතර, ව්‍යාපාරික හවුල්කරුවන්, බෙදාහැරීමේ ජාලයේ නියෝජිතයන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ සමාගමේ සේවක මණ්ඩලයද මෙම අවස්ථාවට එක්විය.

කළමනාකාර අධ්‍යක්ෂ රියෙන්සි නානායක්කාර මහතා, අධ්‍යක්ෂ නිර් මලී  නානායක්කාර මහත්මිය සහ අධ්‍යක්ෂ ඇන්තනී මාකස් මහතාගේ නායකත්වය යටතේ, ඩිවයින් මාකටින් පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන නවෝත්පාදන නිෂ්පාදන හඳුන්වාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සහ පරිසර හිතකාමී විසඳුම් ලබාදීම සඳහා අඛණ්ඩව කැපවී සිටී.

සිය හත්වැනි සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී, සමාගම සිය විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට, බෙදාහැරීමේ ජාලයට, ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ කැපවීමෙන් සේවය කරන සියලුම කාර්ය මණ්ඩලයට හෘදයාංගම කෘතඥතාව පළ කළේය. නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව යන මූලික වටිනාකම් තවදුරටත් පෙරටු කරගෙන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින් පාරිභෝගික ජීවන තත්ත්වය උසස් කරන ගුණාත්මක නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට හඳුන්වාදීමට ඩිවයින් මාකටින් කැපවී සිටී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )