
ඩ්‍රීම්රොන් කලා හා රූපලාවණ්‍ය විද්‍යාලය 20 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෘත්තීය රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනයක් වන Dreamron College of Art & Beauty, රූපලාවණ්‍ය ර්කමාන්තය නවමු පරිර්වතනයකට ලක්කරමින් හා යොවුන් පරපුර සවිබල ගන්වමින් සහ ජාතික ආර් ථික සංර්වධනයට දායක වෙමින් පැමිණි අබිමානවත් ගමන් මගක 20 වැනි සංවත්සරය පසුගිය ජූලි 01 වැනිදා ඩ්‍රීම්රොන් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්‍ය්‍ය ප්‍රියංක ප්‍රියංක පෙරේරා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
මෙම උත්සවයට සමගාමීව දිවයිනේ සියලු පෙදෙස් නියෝජනය වන පරිදි සිසු සිසුවියන් විසි දෙනකුට පූර්‍ණ ශිෂ්‍යත්ව පිරිණැමිමද සිදුවිය. එමෙන්ම මෙම ජූලි මාසය පුරාවට සියලු පාඨමාලා සඳහා සියයට විසිපහක (25%) මිල සහණයක් ලබාදීමටද ඩ්‍රීම්රොන් ආයතනය කටයුතු සූදානම් කර ඇත.
ආචාර්‍ය්‍ය ප්‍රියංක පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව මෙරට රූපලාවණ්‍ය කර්‍මාන්තය හා රූපලාවණ්‍ය අධ්‍යාපනය නගා සිටුවීමට සඳහා ලාභ අරමුණ කර නොගත් ආයතනයක් ලෙස 2006 වසරේදි ආරම්භ කරන ලද 2006 වසරේ ආරම්භ කරන ලද Dreamron College of Art & Beauty ආයතනය අද වන විට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් හරහා ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ර්කමාන්තය නව මාණයකට රැගෙන යෑමට සමත් විය.මෙම විද්‍යාලය තුළින් සිසු සිසුවියන් මේ වන විට සිසු සිසුවියන් 20,000කට අධික පිරිසක් සාර්‍ථක ලෙස පුහුණුව ලබා ඇති අතර, ඔවුහු අද දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ කුසලතා පිරිපුන් වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස සේවය කරති. එමෙන්ම බොහෝ දෙනෙක් ව්‍යවසායකයින් සහ කර්‍මාන්ත නායකයින් ලෙසද ඉදිරියට පැමිණ ඇත.
මෙම ආයතනය කේෂාලංකරණය , නිය අලංකරණය සහ මනාලියන් හැඩගැන්වීම ඇතුළු විවිධ වෘත්තීය පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, වෘත්තීය පුහුණු වැඩසටහන් සහ රජය පිළිගත් NVQ Level 4 හා NVQ Level 5 සුදුසුකම් ලබාදෙයි. මෙම පාඨමාලා අදාළ ජාතික වෘත්තීය හා අධ්‍යාපන ආයතනවල අනුමැතිය සහ මාර්‍ගෝපදේශනය යටතේ පවත්වාගෙන යනු ලබයි.
ගුණාත්මක අධ්‍යාපනය සඳහා දැඩි කැපවීමක් දක්වන ඩ්‍රීම්රොන් විද්‍යාලය , නවීන පුහුණු පහසුකම්, උසස් උපකරණ, වායුසමීකරණය කළ පන්ති කාමර සහ ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) මගින් සහාය දක්වන නව්‍ය සියල්ල මුසුකරගත් අධාපන ක්‍රමවේද සඳහා නිරන්තරයෙන් ආයෝජනය කර ඇත. එමෙන්ම ලියාපදිංචි සැලූන් සහ ප්‍රායෝගික ක්ෂේත්‍ර අත්දැකීම් හරහා සිසුන්ට ප්‍රායෝගික පුහුණුවද ලබාදේ.
අද වන විට ඩ්‍රීම්රොන් කලා හා රූපලාවණ්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාව පුරා ශාඛා 10ක් හරහා ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ට වෘත්තීය රූපලාවණ්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබාදෙයි. එමෙන්ම බංග්ලාදේශය සහ මාලදිවයින වැනි රටවල සිසුන් සහ වෘත්තීයවේදීන් ආර්කෂණය කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන්ද සිය ව්‍යාප්තිය සිදුකර ඇත.
අධ්‍යාපනයට අමතරව, ඩ්‍රීම්රොන් කලා හා රූපලාවණ්‍ය විද්‍යාලය රැකියා අවස්ථා නිර්‍මාණය කිරීම, ව්‍යවසායකත්වය ප්‍රර්වධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ රැකියා සඳහා සුදුසු වෘත්තීයවේදීන් බිහිකිරීම හරහා විදේශ විනිමය උපයා ගැනීමට දායක වෙමින් සමාජීය හා ආර් ථික සවිබලගැන්වීමේ වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි.
“රූප කලාවේ දශක දෙකක් – විප්ලවීය හෙටක්” යන තේමාව යටතේ සිය 20 වැනි සංවත්සරය සමරන ඩ්‍රීම්රොන් කලා හා රූපලාවණ්‍ය විද්‍යාලය, නව්‍යකරණය, ජාත්‍යන්තර සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ර්කමාන්තයේ අඛණ්ඩ සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම යළිත් තහවුරු කරයි.

