රසයත් අලංකාරයත් රැගත් Bake Bar නවතම ශාඛාව මාකොළ ට

රසයත් අලංකාරයත් රැගත් Bake Bar නවතම ශාඛාව මාකොළ ට

දිවයින පුරා රස ගුණ සපිරි  බේකරි නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සිය ව්‍යාප්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන Future Life Holdings යටතේ ක්‍රියාත්මක Bake Bar, සිය නවතම ශාඛාව 2026 අගෝස්තු 07 වැනි දින මාකොළ ප්‍රදේශයේදී විවෘත කළේය.

මෙම නව ශාඛාව මඟින් මාකොළ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට Bake Bar හි ප්‍රසිද්ධ නැවුම් බේකරි නිෂ්පාදන, පේස්ට්‍රි, කේක්, රසකැවිලි, බීම ර්වග සහ අනෙකුත් රසවත් ආහාර පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසේ. ගුණාත්මකභාවය, නැවුම් බව, පහසුව සහ උසස් පාරිභෝගික සේවාව එකම ස්ථානයකින් ලබාදීම නව ශාඛාවේ ප්‍රධාන අරමුණ වේ.

වර්තමානය වන විට වරාගොඩ, නාහේන, ගණේමුල්ල, කුප්පියාවත්ත, ගම්පහ සහ බෝපිටිය ඇතුළු ප්‍රදේශ රැසක Bake Bar ශාඛා ක්‍රියාත්මක වන අතර, කඩවත, හුණුපිටිය, සූරියගම, බටුවත්ත, වැලිපිල්ලෑව සහ නාගහමුල්ල යන ප්‍රදේශවල තෝරාගත් FLi Super වෙළෙඳසැල් තුළද Bake Bar අලෙවි ස්ථාන පවත්වාගෙන යයි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ Future Life Holdings  සමුහයෙහි ප්‍රධාන විධායක නිලධාරී දනුෂ්ක උඩුගම මහතා සඳහන් කළේ, “සෑම නව Bake Bar ශාඛාවක්ම අපගේ ව්‍යාපාරික ව්‍යාප්තියක් පමණක් නොව, අපගේ නිෂ්පාදන, ප්‍රමිතීන් සහ පාරිභෝගික අත්දැකීම නව ප්‍රජාවකට සමීප කිරීමේ අවස්ථාවක්” බවයි.

Future Life Holdings හි ප්‍රධාන පරිපාලන හා අලෙවි නිලධාරී කසුන් පෙරේරා මහතා පැවසුවේ, ගුණාත්මක බේකරි නිෂ්පාදන පහසුවෙන් ලබාගත හැකි මෙන්ම පාරිභෝගිකයන්ට ප්‍රියජනක අත්දැකීමක් ලබාදෙන සන්නාමයක් ලෙස Bake Bar තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණ බවයි.

මෙහෙයුම් අධ්‍යක්ෂ හංස ජයර්වධන මහතා පැවසුවේ, මාකොළ ශාඛාව හරහා එම ප්‍රදේශයේ ර්වධනය  වෙමින් පවතින පාරිභෝගික ප්‍රජාවට ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන හා සේවාවක් ලබාදීමට හැකි වන බවයි.

Bake Bar Makola, අංක 327, මාකොළ පාර, කිරිබත්ගොඩ යන ලිපිනයේදී පාරිභෝගිකයන් පිළිගැනීමට සූදානම්ව සිටී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )