
ඇතුගල ක්‍රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් LMFPA ක්‍රිකට් සැණකෙළිය 2026 ශූරතාව දිනාගනී
ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමය (LMFPA) විසින් සංවිධානය කළ LMFPA Cricket Fiesta 2026 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඇතුගල ක්‍රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් සමාගම් (Athugala Credit and Investment LTD) කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. අගෝස්තු 15 වැනිදා ර්මකන්ටයිල් ක්‍රිකට් පිටියෙහි පැවති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා සපයන ආයතන රැසක කණ්ඩායම් සහභාගී වූහ.
මෙම තරගාවලිය මූල්‍ය ක්ෂේත්‍ර යේ වෘත්තිකයන්ට තම සාමාන්‍ය සේවා පරිසරයෙන් බැහැරව තරගකාරී ක්‍රීඩා අත්දැකීමක් ලබාගැනීමට මෙන්ම සහෝදරත්වය, කණ්ඩායම් හැඟීම සහ වෘත්තීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අවස්ථාව සලසා දුන්නේය. අවසන් තරගයේදී පිත්තෙන්, පන්දුවෙන් සහ පන්දු රැකීමෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඇතුගල ක්‍රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් සමාගම් කණ්ඩායම කණ්ඩායම සමස්ත තරගයේ විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශූරතා කුසලානය හිමිකර ගත්තේය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඇතුගල ක්‍රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මදුෂාන් එදිරිසිංහ මහතා පැවසුවේ, මෙම ජයග්‍රහණය කණ්ඩායමේ කැපවීම සහ එකමුතුකම පිළිබිඹු කරන බවයි. “අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක මූල්‍ය විසඳුම් ලබාදීමට අප එක්ව කටයුතු කරන ආකාරයටම, ක්‍රීඩා පිටියේදීත් අපගේ ත්රීඩක්රීඩකයන් විශිෂ්ට සම්බන්ධීකරණයක් සහ අධිෂ්ඨානයක් ප්‍රර්දශනය කළා. ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍ර යේ ශක්තිමත් කරන මෙවැනි වැඩසටහනක කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
LMFPA ක්‍රිකට් සැණකෙළිය ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තිකයන්ගේ වාර්Isක එකමුතුවක් ලෙස ක්‍රීඩා තරගකාරීත්වය සමඟ ජාලගත වීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය සඳහාද අවස්ථාව සලසයි. 2026 තරගාවලිය මඟින් රට පුරා ක්ෂේත්රයේ නියුතු පිරිස් එකම වේදිකාවකට එක්කරමින් වෘත්තීය සබඳතා සේවා ස්ථානයෙන් ඔබ්බට පුළුල් කිරීමට අවස්ථාව ලබා දුන්නේය.
ඇතුගල ක්‍රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ පුද්ගලයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ව්‍යවසායකයන් සඳහා ණය හා මූල්‍ය විසඳුම් ලබාදෙමින් පාරිභෝගික සේවාව, විනිවිදභාවය සහ මූල්‍ය අන්තර්ගතභාවය කෙරෙහි අවධානය යොමු කරයි. මෙම ශූරතාව සමාගමේ මූල්‍ය සේවා ක්‍රියාකාරකම් සමඟ එක්වන වැදගත් ක්‍රීඩා ජයග්‍රහණයක් ලෙස සනිටුහන් වේ.
තරගාවලිය සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව LMFPA වෙත ස්තූතිය පළ කරන ඇතුගල ක්‍රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් සමාගම තරගාවලිය පුරා කණ්ඩායමට සහය දැක්වූ සියලුම ආධාරකරුවන්, සගයන් සහ සුභපතන්නන් වෙතද සිය කෘතඥතාව පළ කරයි.

