පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 92 දෙනෙක් ජනපතිගේ සහායට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 92 දෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දිී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහායදීමට එක්වෙති. කිසිදු කොන්දේසියකින් තොරව ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ජනාධිපතිවරයා හමුවේ ඔව්හු ඊයේ ප්‍රතිඥා දුන්හ. නැවත දරුණු අරාජිකත්වයක් හා පෝලිම් යුගයක් ඇති නොවන සමාජ දේශපාලන ස්ථාවරත්යක් හා ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැංවිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් එම තීරණය ගත් බව ඔව්හු සදහන් කළහ. තමන් අසීරුවෙන් ගොඩනැගු පක්ෂය රට ගැන නොසිතා සුලුතරයක බලපෑම් මත ගත් තීරණය ප්‍රතික්ෂේප කර අදාල තීරණයට එලඹි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම අවස්ථාවට එක්වු මන්ත්‍රිවරු පැවසුහ. රටේ ආර්ථිකය අස්ථාවර වී නීතිය හා සාමය කඩවී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මහමග ඝාතනයට ලක්වන තැනට වැටි තිබු රට දෙවසරක් තුළ ස්ථාවරත්වයට ගෙනඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාකළ බවත් එදා ඔවුන් කෙරෙහි තැබු විශ්වාසය කඩ නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බවත් එම මන්ත්‍රිවරු පැවසුහ.

එහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 රට දැවැන්ත දේශපාලන හා ආර්ථික බිඳ වැටිමකට ලක්ව තිබු අවස්ථාවේ රට ගොඩනැගීමේ වගකිම තමා භාර ගත්තේ තනිව නොවන බවත් රටට ඇලුම් කළ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක්වු බවත් පැවසීය. ඔවුන් සිය වගකිම් නිසි ලෙස ඉටුකළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව සදහන් කළේය. රට ගොඩනැගිමට තමාට සහාය දෙන්නැයි එදා තමා මුලින් ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බව පැවසු ජනාධිපතිවරයා එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවද සදහන් කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම අවස්ථාවට එක්විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )