මයුරපුර සතිපොල අතර මාර්ගයේ බස් නැවතුම්පොලට මගී ආවරණයක් නොමැතිවීම
මයුරපුර සතිපොල අතර මාර්ගයේ බස් නැවතුම්පොලට මගී ආවරණයක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් බව ප්‍රදේශවාසිහු පවසති. එහි ප්‍රතිඵලය වී ඇත්තේ තමන්ට අව් වැසි වලින් පිඩා විදිමට සිදුවීම බව ඔව්හු පෙන්වා දෙති.
සතියේ සෙනසුරාදා හා අගහරුවාදා දිනවල මයුරපුර මහවැලි සංවර්ධන කලාපයේ ගොවිහු තම නිෂ්පාදන ගොවි ද්‍රව්‍ය අලෙවි කර ගැනීමට සතිපොලට පැමිණෙති.එම දිනවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන සංඛ්‍යාව ද ඉමහත්ය.
මෙම බස්නැවතුම්පොලට මගී අවාරණයක් ඉදිකර දෙන්නැයි ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. මාර්ග සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුතුමනි මේ ඔබේ අවධානයටයි.
CATEGORIES අවධානය පිණිසයි
