ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා සාකච්ඡා

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වන නවතම යෝජනාවට අදාළව අමෙරිකාව ඊජිප්තුව හා කටාර් රාජ්‍යය අතර අද සහ හෙට සාකච්ඡා පැවැත්වෙයි.

එම රටවල් අදාළ සටන් විරාම යෝජනාව සඳහා ඉදිරියේදීත් අඛණ්ඩව සමගියෙන් ක්‍රියාකරනු ඇතැයි විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

ඊශ්‍රායලය සටන් විරාම යෝජනාව දැනටමත් අනුමත කර තිබේ.

හමාස් සංවිධානය ද ඊට එකගතාව පලකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )