
දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය ශ්‍රී ලංකාවේ – ජනපති කියයි
දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ යන තේමාව යටතේ කොළඹ දී පසුගියදා පැවති නීතිඥ වෘත්තිකයන්ගේ හමුවට එක් වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
දැනට රුපියල් කෝටි 8500 ක් වන දළ දේශීය නිෂ්පාදිතය 2045 වනවිට රුපියල් කෝටි 35 න් දහස දක්වා වර්ධනය කර ගැනීම ඉලක්කයයි.
වැට් බදු අඩු කරන්නේ නම් අනිවාර්යයෙන්ම ආදායම් බදු වැඩි කිරීමට සිදු වන බව ජනාධිපතිවරයා පැවසීය.
තම මැතිවරණ ප්‍රකාශවලින් නොයෙකුත් දේ නොමිලේ දෙන බවට ජනාධිපති ධුර අපේක්ෂකයන් කරන ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම්වලට හානි සිදුවෙයි. මූල්‍ය අරමුදලේ ගිවිසුම්ගත ඉලක්ක අනුව ක්‍රියා කළ යුතුය.
ඒවා සාක්ෂාත් කිරීමට නොහැකි වන්නේ නම් රට යළි අරාජික වීම කිසිසේත් වැලැක්විය නොහැකි බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මාස 6 කට වරක් සමාලෝචනයකට යටත්ව මෙරටට මූල්‍යාධාර සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටියි.
ජාත්‍යන්තර ආයතන හා ජපානය ඇතුළු රටවල් ද මෙරටට අත්හිටුවා තිබූ ආධාර යළි ලබාදීම ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය දැන් අවසන් කර ඇත. එහි මුදල් ලබන වසරේ පෙබරවාරි මාසයේදී ලැබීමට නියමිතයි.
ඊට පෙර සමාලෝචනයන් සිදුකර මුදල් ලබා ගැනීමට අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් සංශෝධනය කරන බවට යම් අයෙකු පැවසුවහොත් නැවත එකඟතාවයකට පැමිණෙනතුරු කිසිදු ආධාරයක් නොලැබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එවිට ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට යළි පෝලිම් යුගයක් නිර්මාණය වීම කිසිසේත් වැලැක්විය නොහැකිය.
