
සජිත් ප්‍රේමදාස මහතාගෙන් දිළිඳුකම පිටු දැකීමේ දැවැන්ත වැඩපිළිවෙලක්
දිළිඳුකම පිටු දැකීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
සෑම අඩු ආදායම්ලාභී පවුලකටම මසකට රුපියල් 20 දහසක දීමනාවක් සැපයීම අරමුණයි.
මිල සූත්‍රයක් නිර්මාණය කර ගොවි ජනතාවත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් සකස් කරන බව ප්‍රේමදාස මහතා පැවසුවේ සේරුවිල ප්‍ර දේශයේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමිනි. පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය හා අපනයනය යන අංශ මූලික කර ගනිමින් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙයි.
