2024 පැරාලිම්පික් තරගාවලිය ඇරඹෙයි

2024 පැරාලිම්පික් තරගාවලිය ප්‍රංශයේ පැරිස් අගනුවරදී අද ආරම්භ වෙයි.

ලබන මස 8 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට රටවල් 189 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4400 කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගි වීමට නියමිතයි.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 08 දෙනෙක් ඊට සහභාගි වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සමිත දුලාන් ක්‍රීඩකයාට හිමිව තිබේ.

නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, අනිල් ජයලත්, ප්‍රදීප් සෝමසිරි, සුරේෂ් ධර්මසේන, නවීඩ් රහීම් හා ජනනි ධනංජනා සෙසු ක්‍රිඩක ක්‍රිඩිකාවෝ වෙති.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )