පානදුරාවාදයට වසර 150 ක් සැපිරෙයි
ඵෙතිහාසික පානදුරාවාදය පවත්වා අදට වසර 150 ක් සැපිරෙයි.
ඒ නිමිත්තෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සංවිධාන කරන උත්සවයක් කොළඹ ආනන්ද විද්‍යාලයීය පී. ද. එස්. කුලරත්න ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වේ.
ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන්නේ ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සාභාවේ වැඩබලන උත්තරීතර මහනායක පුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමුර්ති මහනායක ස්වාමින් වහන්සේයි.
CATEGORIES දේශීය පුවත්
