රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට විසඳුම්

සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ විරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට තම රජයක් යටතේ විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රණවිරුවන්ගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් ඇත්නම් ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බිහිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණි.

එම පක්ෂයේ පිරිස රණවිරුවන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බව නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ කුරුණෑගල පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි. තම පක්ෂය කිසිවිටෙකත් රටට අහිතකර තීන්දු තීරණ ගෙන නැතැයි පැවසූ ඒ මහතා, රට ගැන මෙන්ම ජනතාව ගැන සිතා තීන්දු තීරණ ගත් බව ප්‍රකාශ කළේය.

රටේ අනාගත පරපුරට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අරමුණ වී තිබේ.

යුද්ධයෙන් පසු ගමේ දරුවන්ට ද නගරයේ දරුවන් මෙන් අධ්‍යාපන අවස්ථා වැඩි කළ බව හෙතෙම පැවසීය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රටේ සංවර්ධනය නතර කර තැන සිට ඉදිරියට ගෙනයාමේ වගකීම තමාට පැවරී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )