
යහපත් අනාගතයක් සඳහාවන දේශපාලන ක්‍රමයක්
මෙතෙක් රට පාලනය කළ පාලකයන්ගේ අදුරදර්ශි වැඩපිළිවෙල හේතුවෙන් රට ආර්ථික වශයෙන් හා දරිද්‍රතාවයෙන් අගාධයට ඇඳවැටුණු බව ජාතික ජන බලවේගයේ ජනාධීපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කියයි.
කුරුණෑගල ඊයේ පැවති ජනහමුවකදි ඔහු පැවසුවේ තම රජයක් යටතේ සැමට සාධාරණය ඉටුවන නව දේශපාලන සංස්කෘතියක් ගොඩනඟන බවයි.
නව බලාපොරොත්තු සහිත ජන හිතකාමී රජයක් ලබන 21 වැනිදා බිහිවන බව ඔහු සඳහන් කළේය.
වර්තමානයේ රටේ ජනතාවට අවශ්‍ය වන්නේ පවතින පාලනය ක්‍රමය වෙනස් කර රටට හිතකර යහපත් අනාගතයක් උදාවන දේශපාලන ක්‍රමයකි.
එම වෙනස තමාට සිදුකළ හැකි බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
