පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයන් නවසිලන්තය පරදවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජය
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 63 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
අද දිනය සදහා තරගය ආරම්භ කරන විට ලකුණු 275 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි නවසීලන්ත කන්ඩායම සිය දෙවන ඉනීම සදහා කඩුලු 8 ක් දැවී ලකුණු 207 ක් රැස් කරගෙන සිටියේය.
ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාවට කඩුලු 2 ක් ලබාගත යුතු අතර නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 68 ක් අවශ්‍යව තිබුණි.
රචින් රවින්ද්‍ර නොදැවී ලකුණු 91 ක් රැස් කරගෙන සිටි අතර අජාස් පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැදි සීටියේය. දිනය ආරම්භයේදිම රචින් රවින්ද්‍ර දවා ගැනීමට ප්‍රභාත් ජයසුරිය සමත්විය.
ඒ අනුව නවසීලන්තයට සිය දෙවන ඉනීම සදහා සියලු දෙනා දැවි රැස් කරගත හැකිවුයේ ලකුණු 211 ක් පමණි.
