
ආදායම් බදු ලබන 30 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතුයි
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පසුගියදා නිකුත් කළ නිවේදනයකට අනුව ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023 – 2024 තක්සේරු වර්ෂය සදහා ගෙවිය යුතු සියලු ආදායම් බදු මුදල් අද දවසේදී ගෙවා අවසන් කළ යුතුව තිබේ.
ඒ අනුව යම් තැනැත්තෙකු එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාදවීම් සිදු කරන්නේ නම් නීති ප්‍රාකාරව දණ්ඩනයකට හා පොලියකට යටත් කිරීමක් සිදු කරන බව එම නිවේදනයේ දැක්වෙයි.
මේ අතර කිසියම් තැනැත්තෙකු විසින් ඕනෑම බදු වර්ගයක් සදහා ගෙවිය යුතු හිඟ බදු පවතින්නේ නම් ඒ සියල්ල ද ලබන මස 30 වැනිදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
