
දරුවන්ට හිමි ළමා ලෝකය නැවත ඔවුන්ට අත්කරදීමට කැපවන බව ජනපති කියයි
කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන් ද නිරෝගි සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මගින් අනාගතය ලොව දිනන නිදහස් පරිශිලනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව ලෝක ළමා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.
ඒ සදහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව , අනොන්‍ය විශ්වාසය ගරුත්වය හා පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික සම්පතින් සපිරි පාරිසරික අරුමය රැකදීමට අවශ්‍ය දේශපාලනික පරිවර්තනය වත්මන් රජය ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ඉටුකරන බව ජනාධිපතිවරයා කියයි. දරුවන්ට හිමි ළමා ලෝකය නැවත ඔවුන්ට අත්කරදීම පුනරුද යුග කාර්යයේ මා හැගි අරමුණ බව ජනාධිපතිවරයාගේ පණිවිඩයේ සදහන් වෙයි.
