බොරතෙල් මිල ඉහල යයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අද පෙරවරුව වනවිට කැපිපෙනෙන ලෙස ඉහල ගොස් ඇතැයි වාර්තා පෙන්වා දෙයි.
ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙත එල්ල කරන ප්‍රහාර සහ යේමනයේ හවුති සටන්කරුවන් වෙත ඊයේ ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ මෙම තත්ත්වය හට ගෙන තිබේ.
අද පෙරවරුව වනවිට වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මිඩියේඩ් බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 යි ශත 52 ක් දක්වා සියයට 1 යි දශම 2 යි 6 කින්ද, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 යි ශත 27 ක් දක්වා සියයට බිංදුවයි දශම 9 යි 4 කින් ද ඉහල ගොස් ඇතැයි ඔයිල් ප්‍රයිස් ඩොට් කොම් වෙබ් අඩවිය සදහන් කරයි.
විශේෂයෙන් මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය සමග ඉන්ධන සැපයුම් වෙත සහ නෞකා මාර්ග වෙත එල්ලවිය හැකි ාබධා හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ගණන් ඉහල ගොස් ඇතැයි වාර්තා වෙයි.
CATEGORIES දේශීය පුවත්
