පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්‍ෂ මහතා ජනපති සටනට ඇපමුදල් තැන්පත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්‍ෂ මහතා ජනපති සටනට ඇපමුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණය සදහා තවත් අපේක්ෂකයෙකු ඇප මුදල් තැන්පත් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක්ද ඇතුළත් නව සන්ධානයක අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත්වී සිටී. රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කිරීම සිදුවිය.

එම සංධානයේ ලාංඡනය වන්නේ මෝටර් රථය බව එම පක්‍ෂයේ සංවිධායක ආචාර්ය චමිල ලියනගේ මහතා පැවසීය. ඇතැම් මාධ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරයක් වත්මන් ජනාධීපතිවරයාට සහයෝගය ලබාදෙන බවට ප්‍රචාරය වුවත් එය අසත්‍යයක් බව ඔහු කියා සිටී. අද පස්වරුවේ පදනම් ආයතනයේදී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ මංගල රැස්වීම එම පක්‍ෂයේ සාමාජිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )