
ගාසා හි ළමා අරමුදලට මුදල් භාරගැනීම අවසන්
ගාසා තීරයේ යුධමය තත්වය හේතුවෙන් අවතැන් වු දරුවන්ගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් මෙරට පිහිට වු ගාසා හි ළමා අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව ඊයේ දිනයෙන් අවසන් විය.
එමනිසා තවදුරටත් ඊට මුදල් බැර නොකරන ලෙස ජනපති කාර්යාලය ජනතාවට දැණුම් දෙයි.
යම් හෙයකින් අදාළ දිනයෙන් පසු මුදල් බැරවීමක් සිදුවුවහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ජනාධිපති අරමුදල වෙත බැරකරනු ඇත.
මෙහි පළමු අදියරේදී ඩොලර් මිලියනයක් පලස්තීන රාජ්‍ය වෙත භාරදුන්නේය. ඊයේ දක්වා ලැබුණ පරිත්‍යාගද ඉදිරියේදී නිල වශයෙන් භාරදීමට ක්‍රියාකරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම අරමුදල ඇරඹුනි.
CATEGORIES දේශීය පුවත්
