ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණෙති.  ශ්‍රී ලංකාවට සපයන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමඟ  සාකච්ඡා කිරීම ඔවුන් මෙහි පැමිණිමේ අරමුණයි.

ඇමති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමති විජිත හේරත් මහතා පැවසුවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට ක්‍රියා කරන ආකාරය පිළිබඳ මූලික සාකච්ඡාවක් එම අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද පැවැත්වෙන බවයි.

ඒ පිළිබඳ ව්‍යුහාත්මක සාකච්ඡාවක් මේ මස අවසානයේදි අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදි පැවැත්වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )