ඉදිරි මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ 84 ක්

ඉදිරි මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ 84 ක්

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්විමට අදාල මූලික කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා කියයි.

පොලිස් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු මැතිවරණය පැවැත්වීමට සෘජුවම සම්බන්ධ වන රාජ්‍ය ආයතන සමඟ ඉදිරියේදි සාකච්ඡා කිරිමට නියමිතයි.

2024 මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ 84 ක් තරග කිරිමට නියමිත බව  මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියයි. ස්වාධින කණ්ඩායම් වලටද තරග කිරිමේ හැකියාව පවතී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )