ඩෙංගු මර්දනයේ වැඩි වගකිම ජනතාව සතුයි
සෞඛ්‍ය අංශ වලට මෙන්ම පළාත් පාලන ආයතන හා ජනතාවට ඩෙංගු මර්දනයේදී වැඩි වගකිමක් පැවරෙන බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා කියයි.
ඩෙංගු රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
අවිධිමත් ඉදිකිරිම් හා කාණුවල ජලය එක්රැස් වීම රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය පවසන්නේ ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි.
