මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධව පැමිණිලි 125 කට වැඩි සංඛ්‍යාවක්

මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධව පැමිණිලි 125 කට වැඩි සංඛ්‍යාවක්

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ මැතිවරණ කොමිසමේ, සභාපතිවරයා අතර සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වේ.

ලබන සෙනසුරාදා එම හමුව සිදුවනු ඇතැයි කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පවසයි. මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කළ පැමිණිලි 125 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි කොමිෂන් සභාව කියයි.

ජනාධිපතිවරණයට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකුලව රාජ්‍ය ආයතන ක්‍රියා කළයුතුය.

රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම, මාරුකිරිම්, සිදුකළ නොහැක. ඉදිරියේදී මාධ්‍ය උපමානද නිකුත් කරන බව රත්නායක මහතා කියා සිටී.

පෞද්ගලික මාධ්‍ය අදාළ උපමාන නොසලකා ක්‍රියාකරන්නේ නම් ඒ සදහා ගතයුතු පියවරද ඉදිරිපත් කෙරේ. ඡන්ද දිනයේදී සිදු නොකළයුතු ක්‍රියා පිළීවෙත් සම්බන්ධ නීති සියල්ල ප්‍රකාශයට පත් කෙරේ.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )