අමෙරිකාවේ දේශපාලනය රුසියාවට වැදගත් නොවන බව ක්‍රෙම්ලිනය කියයි

අමෙරිකාවේ දේශපාලනය රුසියාවට වැදගත් නොවන බව ක්‍රෙම්ලිනය කියයි

අමෙරිකාවේ දේශපාලනය සිය ප්‍රමුඛ මාතෘකාවක් නොවන බව රුසියාවේ ක්‍රෙම්ලිනය නිවේදනය කරයි.

තමන්ට වඩාත්ම වැදගත් වන්නේ යුක්රේන යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීම බව රුසියාව කියයි. අමෙරිකානු ජනාධිපතිවරණයට තවත් මාස 4 ක් පමණ තිබේ.

එම කාලය තුළ බොහෝ දේ වෙනස්වීමේ ඉඩකඩ තිබෙන බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් සදහන් කරයි. ජෝ බයිඩ්න් ඉවත්වීමද තම රටට වැදගත් නොවේ.

අමෙරිකාවේ තීරණාත්මක ජනාධිපතිවරණයත් සමඟ යුක්රේන ජනාධිපතිවරයාට ඉතා දුෂ්කර කාලවකවානුවක් උදාවනු ඇතැයිද විශ්වාස කෙරේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )